අතුරු අයවැයෙන් යතුරුපැදි ට්‍රැක්ටර් මිල ඉහළට

by Surekha Samarasena posted almost 9 years ago in ஆய்வறிக்கை

 

 

පසුගිය අතුරු අයවැය මගින් කරන ලද බදු සංශෝධන හේතුවෙන්, ආයනයනය කරන පාවිච්චි කරන ලද මෝටර් සයිකල්, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, වැනි ජනජීවිතයට අත්‍යවශ්‍ය වාහන වල බදු ඉහළ දැමීම පිළිබදව කල් තැබීමේ විවාදයක් ඉකුත් අප්‍රේල් 8 වැනිදා (2015) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

 

කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින්, අදහස් දැක්වූ ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේ, අතුරු අය වැය යෝජනා මත ආනයනය කරන Honda MD 90 හෙවත් තැපැල් නයින්ටියක් සදහා රජයෙන් රු. 174000 ක බද්දක් අය කරන බවත්, ආනයනය කරන Honda Custom 50 වර්ගයේ යතුරු පැදියක් සදහා රජයෙන් රු. 97600 ක බද්දක් අයකරන බවත් ය.  මෙසේ ම මෙරටට ආනයනය කරනු ලබන, පාවිච්චි කළ අත් ට්‍රැක්ටර වර්ග ගණනාවක් ද, ට්‍රැක්ටර වර්ග ගණනාවක් සහ යතුරු පැදි ස්කූටර් වර්ග ගණනාවක් ද, මෙම නව බද්දට යටත් වන බව ඔහු කරුණු සහිතව පෙන්වා දෙන ලදී.

 

විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අත් ට්‍රැක්ටර් බද්ද ඉවත් කිරීම සදහා ආණ්ඩුව එදිනම (අප්‍රේල් 8) ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, මෝටර් සයිකල් සදහා මෙම නව බද්ද වෙනුවට ‘විකල්ප බද්දක්‘ ක්‍රියාත්මක කළ හැකිද යන්න සොයා බැලීමට ආණ්ඩුවේ අවධානය යොමු කරන බවත්, විවාදයට එක් වූ අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසන ලදී.

 

වැඩි කළ බදු නිසා ජනතාව මුහුණ දී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් අශෝක් අබේසිංහ, විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ද මෙම කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වනු ලැබිණි.

 

( මූලාශ්‍රය - 2015 අප්‍රේල් 8 හැන්සාඩ් වාර්තාව / 56 – 66 පිටු )

 

 


comments powered by Disqus