පාර්ලිමෙින්තු මන්තී‍්‍රවරුන්ගෙන් 1/3 ක්ම කල් තැබීමෙි යෝජනා ඉදිරිපත්කර නැත

by Manthri.lk - Research Team posted about 10 years ago in විශ්ලේෂණ

 

පාර්ලිමෙින්තු කි‍්‍රයාවල්්ියට පලදායීව සහභාගීවීමට විවිධ වූ ඉඩ ප‍්‍රස්ථා තිබෙි. මෙම විවිධ වූ අවස්ථා උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කිරීම පාර්ලිමෙින්තු මන්තී‍්‍රවරුන්ගේ වගකීමකි. 2012 අපේ‍්‍රල් සිට 2013 අගෝස්තු අතරතුර මන්තී‍්‍ර.කන වෙබි අඩවියේ දත්ත විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ  කල් තැබීමෙි යෝජනා නමින් හැදින්වෙන ක‍්‍රමවෙිදයෙන් පාර්ලිමෙින්තු මන්තී‍්‍රවරුන්ගෙන්  1/3 ක්ම ප‍්‍රයෝජනයක් ගෙන නැති බවයි. මෙය ජන්දදායකයන් මන්තී‍්‍රවරුන්ගෙන් අපේක්ෂා කරන කාර්යභාරය සැලකිය යුතු ලෙස මග හැරීමකි. 



කල් තැබීමෙි යෝජනා වලට අඩුම සහභාගීත්වයක් දක්වා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ( ඹඡුත්‍් * අයත් මන්තී‍්‍රවරුන්ය. මුළු ඹඡුත්‍් මන්තී‍්‍රවරුන්ගෙන් ප‍්‍රතිශතයක් ලෙස ගත්කළ 35% ක් වෙි. ඉහළම සහභාගීත්වයක් දක්වා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයයි. මෙය ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් පක්ෂ කිහිපයක එකතුවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට අයත් මන්තී‍්‍රන් අතුරින් සහභාගී වී ඇත්තේ 14 % ක් පමණ වූ අඩු ප‍්‍රතිශතයකි. 

කල් තැබීම යනු පාර්ලිමෙින්තුවට නැවත ඉදිරි දිනයකදී රැුස්වන තුරු රැුස්වීමීවාර තාවකාලිකව කල් තැබීමයි. එසේ රැුස්වීමි වාරය කල් තබනු ලබන අවස්ථාවෙි මන්තී‍්‍රවරයෙකු විසින් මතු කරනු ලබන කරුණු කල් තැබීමෙි යෝජනා නමින් හදුන්වනු ලැබෙි. ස්ථාවර නියෝග 17 ට අනුව කල් තැබීමෙි යෝජනා යනු හදිසි පොදු වැදගත් කමකින් යුතු වැදගත් නිශ්චිත කරුණක් පිළිබඳව සාකචිජා කිරීමට නිර්මාණය කර ඇති ක‍්‍රම වෙිදයකි. මෙම ක‍්‍රම වෙිදය මගින් පෞද්ගලික මන්තී‍්‍රවරුන්ට පාර්ලිමෙින්තුව තුළ කෙටි දැනුමිදීමකින් හදිසි හා පොදු වැදගත් කමකින් යුතු කරුණු අදාළ  විෂයභාර ඇමතිවරුන්ගේ සහ අනෙකුත් මන්තී‍්‍රවරුන්ගේ අවධානයට යොමුකළ හැක. කල් තැබීමෙි යෝජනා වලට උදාහරණයක් ලෙස ධීවරයන්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය , කොමිපඤ්ඤවීදිය ආශි‍්‍රතව ඉඩමි අත්පත්කර ගැනීම , රතුපස්වල උද්ඝෝෂණය සදහා හමුදා බලය යොදා ගැනීම , සහ වකුගඩු ආශි‍්‍රත රෝග ව්‍යාප්තිය වැනි කරුණු දැක්විය හැකිය. 

එමෙන්ම මෙය පාර්ලිමෙින්තුව තුළ කරුණු ඉදිරිපත් කිරීමට සැලකිය යුතු අවකාශයක් නොලැබෙන නවක මන්තී‍්‍රවරුන්ට පාර්ලිමෙින්තුව තුළ සිය අදහස් ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ප‍්‍රස්ථාවක්ද ලබාදෙන වැදගත් ක‍්‍රමවෙිදයකි. නමුත් කල් තැබීමෙි යෝජනාවක් ඉදිරිපත්වන පාර්ලිමෙින්තු කාලය තුළ බොහෝවිට පාර්ලිමෙින්තු අසුන් මන්තී‍්‍රවරුන්ගෙන් හිස්ව පැවතීම නිසා මෙහි ප‍්‍රායෝගික භාවිතය වර්තමානයේදී එතරමි සාර්ථක මුහුණුවරක් ගෙන නොමැත. 



ලිඛිත ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමෙිදී මෙන්ම ( පෙර සතියේදී මන්තී‍්‍ර . කන විසින් ලිඛිත ප‍්‍රශ්න පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදි. * කල් තැබීමෙි යෝජනා ක‍්‍රම වෙිදයද පාර්ලිමෙින්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ අධිකාරියට යටත් වී තිබෙි. රූප සටහන 02 දැක්වෙන ආකාරයට වැඩිම කල්තැබීමෙි යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත්කොට ඇති මන්තී‍්‍රවරුන් දසදෙනා සමස්ත කල් තැබීමෙි යෝජනා සඳහා වෙන්වී ඇති පාර්ලිමෙින්තු අවකාශයෙන් 30 % ක් පමණ තමන් සතුකර ගැනීමට සමත් වී ඇත. 

ලිඛිත ප‍්‍රශ්න ක‍්‍රමවෙිදය හා සැසදීමෙිදී කාල පමාවකින් තොරව කෙටි දැනුමිදීමකින් හදිසි හා වැදගත් කරුණු පාර්ලිමෙින්තුවෙි අවධානයට යොමුකළ හැක. එවැනි වාතාවරණයක් තුළ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු කල් තැබීමෙි යෝජනා ක‍්‍රමවෙිදය තුළ සිය අධිකාරිය පැතිරවීම මගින් මෙහි සැබෑ කාර්යභාරය යටපත්වන අතර පාර්ලිමෙින්තුව තුළ හදිසි හා වැදගත් කරුණු සැබෑ ලෙසම සාකචිජා කිරීම සදහා ප‍්‍රායෝගික අවකාශයක් පවතීද යන ගැටලුවද පැන නගී. 

 


comments powered by Disqus