අලුත්ගම සිදුවීමමන් පසුව ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මුස්ලිේ මන්ත්‍රීවන්න්ම සහමයෝගය අහිමි වුණා ද?

by manthri.lk - Research Team posted almost 10 years ago in විශ්ලේෂණ

 


ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන යෝජනාවකදී මන්ත්‍රීවරුන්ගේ නම් කැදවීමේ ක්‍රමයට (හැම මන්ත්‍රීවරයෙකුගේම නමින් පෞද්ගලිකව ඡන්දය වාර්තා කරගනිමින්) ඡන්දය විමසීමේදී මන්ත්‍රීවරුන්ට ඊට එරෙහිව ඡන්දය භාවිතා කළ හැකි තුන් ආකාරයක් ඇත. විරෝධය ඵල කිරීමේ ප්‍රබලම ක්‍රමය ලෙස විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම, ඊළග විරෝධී ප්‍රතිචාර ක්‍රමය ලෙස පාර්ලිමේන්තු සභාගැබේ සිටිමින් ඡන්දය භාවිතයෙන් වැළකී සිටීම, දුර්වල විරෝධී ප්‍රතිචාර ක්‍රමය ලෙස පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීම එකී තුන් ආකාරයයි.  ‘‘ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය විසින් පැවැත්විමට නියමිත පරීක්ෂණයට ඉඩ නොදිය යුතු බවට...‘‘ වන යෝජනාවක් ජුනි 18  වැනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීමට භාජනය කරනු ලැබිණ. මෙම ඡන්ද විමසීම අලුත්ගම සිට බේරුවල දක්වා පැතිර ගිය ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් දින තුනකට පසුව පැවැත්වුණු අතර, මෙම ප්‍රදේශ වල මුස්ලිම් ප්‍රජාව මෙම ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් බවට පත් විය. ඒ අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් එම සිදුවීමට අදාලව ආණ්ඩුව පිළිබද තමන් ලජ්ජාවට පත්ව සිටින බවත් ඊට සිය අප්‍රසාදය පළකරන බවත් පවසා තිබිණ. මෙවැනි වාතාවරණයක් යටතේ ජාත්‍යන්තර නිරීක්ෂණය වැලැක්වීමේ ආණ්ඩුවේ යෝජනාවට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිචාර ඵල වී ඇත්තේ කුමනාකාරයෙන් ද?  
පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් :  
පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් 18 ක් සිටී. ඉන් 16 දෙනෙක්ම පාලක එ.ජ.නි.ස. ට අයත්වන අතර 8 දෙනෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද, 2 ක් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ද, 5 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නියෝජනය කරති. මේ අතර එක් අයෙක් එක්සත් ජාතික පෙරමුණේ සිට පිල් මාරු කළ අයෙක් වෙයි. පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් සහ ක්‍රමවේදයන් නිරීක්ෂණය කරන ප්‍රමුඛතම පාර්ලිමේන්තු නිරීක්ෂණ අඩවිය වන Manthri.lk පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ යෝජනාවට අදාලව මුස්ලිම් මන්ත්‍රීවරුන් දක්වන ලද ප්‍රතිචාර විශ්ලේෂණය කර ඇත. ඒ ජුනි 18 හැන්සාඩ් වාර්තාව මූලාශ්‍ර කොට ගනිමිනි. මුස්ලිම් මන්ත්‍රීවරුන් 5 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සෙසු මුස්ලිම් මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීමේන් වැලකී සිට හෝ එදින පාර්ලිමේන්තුවට නොපැමිණ සිට ඇත. (සටහන 1). කිසිවෙක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර නැත.          
මුස්ලිම් මන්ත්‍රීවරු විරෝධය ඵල කළා ද?  
එ.ජා.පෙ. සිට ආණ්ඩුවට පිල් මාරු කළ : අබ්දුල් කාදර්  මන්ත්‍රීවරයා  යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේ ය.  
ශ්‍රි.ල.නි.ප: මුස්ලිම් මන්ත්‍රීවරුන් 5 න් 4 ක් ම යෝජනාවට විරුද්ධ වූයේ නැත - ඔවුන් පක්ෂව ඡන්දය භාවිතා කළ අතර, අනෙක් මන්ත්‍රීවරයා විරෝධය ඵල කිරීමේ දුර්වල ම උපක්‍රමය පාවිච්චි කරමින් එදින පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියේ ය.  
ශ්‍රි.ල.මු.කො : බොහෝ මන්ත්‍රීවරුන් ද විරෝධය ඵල කිරීමේ දුර්වල ම උපක්‍රමය පාවිච්චි කරමින් එදින පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියෝ ය. එය අලුත්ගම-බේරුවල ඛේදවාචකයට විරෝධය ඵල කිරීමක් ලෙස හදුනාගත හැක. නමුත් ශ්‍රි.ලං.මු.කො මන්ත්‍රී මොහොමඩ් අස්ලම් පාර්ලිමේන්තු සභාගැබේ සිටියදී ම ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේය.  
ස.ල.මු.කො : මන්ත්‍රීවරුන් දෙදෙනා ද ශ්‍රී.ල.මු.කො. ක්‍රමය අනුව යමින් පාර්ලිමේන්තු නොපැමිණ සිටියහ.  
එ.ජා.ප: මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනා යෝජනාවට ප්‍රබල විරෝධයක් ඵල කරමින් පාර්ලිමේන්තු සභාගැබේ සිටිමින් ඡන්දය භාවිතයෙන් වැළකී සිටියහ.  
එකදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් යෝජනාවට විරෝධය ඵල කිරීමේ ප්‍රබලම උපක්‍රමය වන ඊට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සිදු නොකළේ ය. එම උපක්‍රමය යොදාගනිමින් පාර්ලිමේන්තුව තුළදී
ආණ්ඩුවේ යෝජනාවට විරෝධය ඵල කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානය පමණි.
      

සමස්තයක් ලෙස මුස්ලිම් විරෝධය : කෙසේ වෙතත්, යෝජනාවට විරෝධය ඵල කිරීමේ මාදිලි වලින් දුර්වලම ක්‍රමයෙන් වත් සෙසු මන්ත්‍රීවරුන්ට වඩා මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් විරෝධය ඵල කර ඇති බව පැහැදිලිය.  ශ්‍රී.ල.නි.ප.යේ මුස්ලිම් මන්ත්‍රීවරුන් 20% ක් විරෝධය ඵල කර ඇති අතර, ශ්‍රී.ල.නි.ප. මුස්ලිම් නොවන මන්ත්‍රීන් 4% ක් ඊට විරෝධය ඵල කර ඇත. සන්ධාන හවුල්කරුවන් අතරින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 82% ක් විරෝධය ඵල කර ඇති අතර, සන්ධානයේ මුස්ලිම් නොව සෙසු හවුල්කරුවන් 8% ක් ඊට විරෝධය ඵල කර ඇත.  


මෙම ඡන්දය භාවිතාකිරීමේ ආකාරය ගැන ඔබ පුදුමයට පත්වන්නේ ද? ආණ්ඩුව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහය අහිමි කරගනෙ තිබේද? තවදුරටත් ඔවුන්ට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහය ලැබේ ද? ඔබේ ප්‍රතිචාර 071-463-9882 ට දන්නවන්න. නැතහොත් facebook.com/Manthrilk ට පිවිසෙන්න.  

 


comments powered by Disqus