අඩු නියෝජනයක් අඩු හඩක් ඇති තරුණ මන්ත්‍රීන්

by manthri.lk - Research Team posted almost 10 years ago in විශ්ලේෂණ

 


තරුණ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙස සලකනු ලබන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 ට අඩු වයස් කාණ්ඩයට අයත්වන පාර්ලිමෙින්තු නියෝජිතයින්ය. ශී‍්‍ර ලංකා පාර්ලිමෙින්තුව තුළ තරුණ වයස් කාණ්ඩයට අයත්වන මන්තී‍්‍රවරුන්ගේ නියෝජනය ගෝලීය සහ ආසියානු තරුණ නියෝජනය ට වඩා අඩු අගයක් ගනී. නීති සමිපාදන කාර්යය සඳහා තරුණ මන්තී‍්‍රවරුන්ගේ දායකත්වය දෙස අවධානය යොමු කිරීමෙිදී පෙනී යන්නේ ඔවුන් පාර්ලිමෙින්තුව තුළ නගන හඩද ජායා මාත‍්‍රයක් පමණක් වන බවය.

ශී‍්‍ර ලංකා පාර්ලිමෙින්තුවෙි වර්තමාන නියෝජනය වයස අවුරුදු 35 ට අඩු මන්තී‍්‍රවරුන් 07 දෙනෙකුගෙන් පමණක් සැදුමිලත් වෙි. එය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයේ ප‍්‍රතිශතයක් ලෙස 3% ක් වැනි ඉතා සුළු අගයකි. මෙම ප‍්‍රතිශතය 6% ක් වන ගෝලීය වයස් සාමාන්‍යයෙන් හරි අඩකි. එය 4% ක් වන ආසියානු වයස් සාමාන්‍යයටද වඩා අඩු අගයක් ගනී.

මන්තී‍්‍ර.lk වෙබි අඩවිය මගින් ශී‍්‍ර ලංකා පාර්ලිමෙින්තු මන්තී‍්‍රවරුන් පාර්ලිමෙින්තුව තුළ දක්වන ඵලදායී දායකත්වය පිළිබඳව සිදුකළ විශ්ලේෂණයක් මගින් තරුණ මන්තී‍්‍රවරුන්ගේ දායකත්වය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට සමත් විය. තරුණ මන්තී‍්‍රවරුන් පාර්ලිමෙින්තුව තුළ දක්වන සාමාන්‍ය දායකත්වය (average contribution) සෙසු මන්තී‍්‍රවරුන්ගේ සාමාන්‍ය දායකත්වයෙන් 1/4 ක් (එනමි 28 % වැනි අඩු අගයක් ගනී.



මෙම විශ්ලේෂණය සඳහා උපයෝගී කරගත් 2012 මැයි = 2013 දෙසැමිබර් දක්වා කාල රාමුව තුළ තරුණ මන්තී‍්‍රවරුන් විසින් සිදුකළ ඵලදායී දායකත්වයෙහි සාමාන්‍ය අගය මිනිත්තු 482 ක් පමණ වු අතර ඔවුන්ගේ ඒක පුද්ගල දායකත්වයෙහිදී විශාල වෙනස්කමි පැවතිණි. උදාහරණයක් ලෙස ඉහළම ඒක පුද්ගල දායකත්වය ලබාදෙන මන්තී‍්‍රවරයා (එරික් වීරවර්ධන) අඩුම ඒක පුද්ගල දායකත්වය ලබාදුන් මන්තී‍්‍රවරිය (උපේක්ෂා ස්වර්ණමාලි) මෙන් හතර ගුණයක ඵලදායී දායකත්වයක් පාර්ලිමෙින්තුව තුළ දක්වා තිබේ.


නමුත් ඉහළම ඵලදායී දායකත්වයක් ලබාදුන් තරුණ මන්තී‍්‍රවරයාගේ (එරික් වීරවර්ධන) දායකත්වයෙහි සාමාන්‍ය වයස අවුරුදු 35 ට වැඩි පාර්ලිමෙින්තු මන්තී‍්‍රවරුන්ගේ දායකත්වයෙහි සාමාන්‍යයයෙන් අඩකට වඩා සුළු වශයෙන් ඉහළ අගයක් ගන්නා ලදි.
මෙම විශ්ලේෂනය මගින් හෙළිදරවි වන තවත් වැදගත් කරුණක් වන්නේ මෙම සියලුම තරුණ මන්තී‍්‍රවරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමයි. ජනපි‍්‍රය නිළියක් වන උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගමිපහ දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද 2010 දී සන්ධාන ආණ්ඩුව සමග එක්වීමත් සමගම විපක්ෂයේ සිටි එකම තරුණ නියෝජනයද එයට අහිමි විය.
මෙලෙස පාර්ලිමෙින්තුව තුළ තරුණ මන්තී‍්‍රවරුන්ගේ ඵලදායී දායකත්වය අඩු වීමට බලපාන හේතු සාධක මොනවාද? ඔවුන්ට ඒ සඳහා නිසි මූලාරම්භයක් ලබා ගැනීමට ගැටලු පවතීද? නැතිනම් පරිණත මන්තී‍්‍රවරුන්ගේ නියෝජනය හමුවෙි ඔවුන් යටපත් වී ඇතිද?

මේ පිළිබඳව ඔබගේ අදහස් www.manthri.lk වෙබ් අඩවියෙහි බිලොග් සටහන වෙත හෝ කෙටි පණිවිඩ (sms) මාර්ගයෙන් 071-4639882 වෙත යොමු කරන්න.

 


comments powered by Disqus