මැති ඇමැතිවරුන්ගේ වත්කම් දැනගනිමු.

by Asoka Obeyesekere posted almost 9 years ago in විශ්ලේෂණ

 

වත්කම් බැරකම් නීතිය අනුව මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් පරීක්ෂා කළ හැකි ද නැද්ද යන්න පිළිබද පවතින සැකය ඔබ සතු නම්, අපට කියන්නට ඇත්තේ, සැබැවින්ම එය පරීක්ෂා කිරීම සදහා වන ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බව යි.  

 

 

 

තමුන්ගේ වත්කම් හෙළිදරව් කර යුත්තේ කවුරුන් ද?

 

ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, විනිශ්චයකාරවරුන්, රාජ්‍ය සංස්ථා මණ්ඩල හා මාණ්ඩලික නිලධාරීන්, පළාත් සභා මන්ත්රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, පුවත්පත් හිමිකරුවන් සහ සංස්කාරකවරුන් වැනි අය විසින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් හෙළිදරව් කළ යුතුය.


 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් පරීක්ෂා කළ හැක්කේ කෙසේ ද?

 

රුපියල් 750 ක චෙක්පතක් සමග අදාල මන්ත්‍රීවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඉල්ලාසිටීමේ ලිපියක් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත තැපැල්මාර්ගිකව යොමු කරන්න. අපගේ අද්දැකීම වන්නේ සති 2-3ක් ඇතුලත එය ලැබෙන බවය.  (ඔබට මෙම ක්‍රියාවලිය පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපෙන් විමසන්න)
 

කිසිවෙකු මෙය නොදන්නේ ඇයි?

 

රුපියල් 750 මුදල් ගෙවීමකින් පසුව එය ලබා ගැනීමට හැකි බව දැක්වෙන  (650/7-19 පෙබරවාරි 1991) ගැසට්පත්‍රය, අප විසින් යළි මතු නොකරනතාක්, පොදු ජන අවධානයෙන් බැහැරව තිබිණි. එමගින්, 1975 වත්කම් බැරකම් ප්‍රකාශන පනතේ 5 (3) වගන්තිය යටතේ  ‘ඕනෑම පුද්ගලයෙකුට‘ අදාළ මුදල ගෙවීමෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් දැනගැනීමේ අයිතිය, හිමි වේ. 1988 සංශෝධනය වී ඇති එම නීතිය මන්ත්‍රීවරුන්ගේ වගවීම පරීක්ෂා කරන යහපාලන උපකරණයක් බව කිව හැකි ය. 

 

 

 

මෙම නීතියට අදාළව අප දැනගත්තේ මොනවා ද?

 

අදාළ මන්ත්‍රීවරයා/වරියගේ සහ ඔහුගේ/ඇයගේ සහකරුවා හෝ සහකාරියගේ ත්, දරුවන්ගේ ත්, නමින් පවතින වත්කම් බැරකම් දේපළ පිළිබද තොරතුරු ය.

 

§  ඔවුන් අත්පත් කරගත් ආකාරය පිළිබද විස්තර ද සමග දේපළ විස්තර

 

§  බැංකු ගිණුම්, මිළදීගෙන ඇති කොටස් , මිළදීගෙන ඇති සුරැකුම්පත් - වටිනාකම් සමග

 

§  ණය සහ අයිරා

 

 

 

§  වාහන 

 

§  ස්වර්ණාභරණ

 

මෙම වත්කම් බැරකම් ප්‍රකාශනයේ දී ප්‍රථම වතාවට මන්ත්‍රීවරුන්/වරියන් නොවුණු අයවලුන් තමන්ගේ කලින් අවස්ථාවේ වත්කම් බැරකම් තොරතුරුද නැවත සදහන් කළ යුතු බැවින්, සක්‍රිය පුරවැසියන් ට සන්සන්දනාත්මක ව එකී හෙළිදරව් කිරීම් පිළිබද නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සලසා ඇත.

 

 

 

 

 

මෙම තොරතුරු අවශ්‍ය වන්නේ කුමට ද?

 

 

 

පාලකයින් සහ උසස් නිලධාරීන් මහජන මුදලින් වැටුප් ගෙවා නඩත්තු කෙරෙන බැවින්, නිත්‍යනුකූලව ම ඔවුන්ගේ වත්කම් බැරකම් පිළිබද පුරවැසියන් ට හෙළිදරව් කළ යුතුය යන කාරණය නෛතිකව පිළිගෙන ඇති තත්වයක් තුළ, වත්කම් බැරකම් හෙළිදරව් කරගැනීමේ ක්‍රියාවලිය මහජනයා හා ඔවුන් අතර ඇති සමාජ ගිවිසුම ආරක්ෂා කරන්නක් වශයෙන් සැලකිය හැකි ය.

 

 

 

මන්ත්‍රීවරයා/වරියගේ වත්කම් බැරකම් ප්‍රකාශනය නිවැරදි ද?

 

 

 

නොදනී.  සාවද්‍ය බව හැගෙනවා නම්,  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරයාට හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට වාර්තා කළ හැක. බලධාරීන් ඒ පිළිබද විමර්ශනය කරනවාද යන්න යන්න තීරණය කරනු ඇත. කෙසේ වෙතත් එය වගවීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස ක්‍රියාකරනු ඇත.
 
මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබද ඔබේ ඇගිලිගැසීම් පිළිබද ඔවුන් අමනාප වෙයි ද?

 

 

 

බොහෝ මන්ත්‍රීවරුන් මෙකී පරීක්ෂාව පිළිබදව ඇති මහජන අයිතිය ගරු කරන අතර ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛ පිළිබද අනුකූලතාව දැක්විමට බැදී සිටී.
 
ගැටළුව කුමක් ද?

 

 

 

1975 වත්කම් හා බැරකම් ප්‍රකාශන පනතේ වගන්ති 7(4) සහ 8 මගින්, අයදුම් කර ලබාගන්නා වත්කම් බැරකම් තොරතුර තව අයෙකු සමග හුවමාරු කරගැනීම වළක්වා ඇත. එය විනිසුරු අභිමතය අනුව වසර 1 ක සිරදඩුවමක් හෝ රු.1000 ක දඩයක් විය හැක.

 

 

 


මෙකී ගැටළුව ඉවත්කරගැනීමට කුමක් කළ යුතු ද?

 

 

 

මෙකී වාරණ ප්‍රතිපාදන ඉවත් කළ හැක. ජනතාව අතර තොරතුරු ව්‍යාප්ත වීම යුක්ති යුක්ත කළ හැක. අනෙක් අතට මහජන සාකච්ඡාවක් මගින් මහජන නියෝජිතයින්ගේ වත්කම් පිළිබද වන දුර්මත ඉවත් කළ හැක. මෙය මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිට කරනු ලබන මාධ්‍ය අනාවරණය වැඩිදියුණු කිරීමක් වනු ඇත.  නීතිය සදහා ඉතා සරල සංශෝධනයක් සිදු කර මහජනතාවට සිය නියෝජිතයින්ගේ වත්කම් හෙළිදරව් කිරීමේ පාර්ශවීය අයිතිය ශුද්ධ කර දිය යුතු ය.

 
ආණ්ඩුව ඒ පිළිබද සිය අවධානය යොමු කර ඇත් ද?

 

 

 

ආණ්ඩුව මෙන් ම විපක්ෂයත් සිවිල් සමාජය හා පුරවැසියනුත් යහපාලනය සම්බන්ධයෙන් ඉතා බලවත් අවධානයක් යොමු කර ඇති තත්වයක් යටතේ මෙයට ආණ්ඩුවේ සහයෝගය ලැබීම සම්බන්ධයෙන් සැක නැත. තොරතුරු දැනගැනීමේ පනත වැනි ප්‍රගතිශීලී පනත් පැමිණෙමින් පවතින කාලයක පුද්ගලික මන්ත්‍රි පනතක් හැටියට හෝ මෙම සංශෝධන සිදු කිරීම සදහා අවශ්‍ය ව්‍යවස්ථාදායක කාර්යය මෙහෙයවෙන්නේ නම්, එය පවත්නා දේශපාලන සංස්කෘතියේ ම වැදගත් වෙනස්කම් රැසක් සිදුකරනු ඇත.

 

 
ජනාධිපති සිරිසේන මහතා බලයට පත් වීම අරබයා දේශපාලනික වශයෙන් සහය ඵල කළ සිවිල් පුරවැසි බලවේග ද මේ අවස්ථවේ දී ඔවුන් අපේක්ෂා කල යහපාලනය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, වත්කම් බැරකම් නීතිය අත්‍යවශ්‍ය සංශෝධනයන්ට යටත් කිරීමට සිය අනුග්‍රහය ලබා දිය යුතු ය.

අවසානයේ දී එය මහජනයා සහ මහජන නියෝජිතයා අතර පවත්නා ගිවිසුම අනුව මහජන නියෝජිතයාගේ වගවීමේ අත්‍යවශ්‍යතාව සහතික කරනු ඇත. 

මේ වෙනස්කම් සදහා කුමන දේශපාලන පක්ෂයක් පළමු පියවර තැබිය යුතු ද? කුමන සිවිල් සංවිධානය ඒ වෙනුවෙන් පෙනී සිටී ද?  මේ සම්බන්ධයෙන් වන ඔබගේ යෝජනා අදහස් සහ ප්‍රශ්න අපවෙත යොමු කරන්න www.manthri.lk/en/blog  , Twitter@manthrilk,  දුරකථන අංකය 071-4639882.

 

 


comments powered by Disqus