දේශපාලන පවුල් බූදල් අනුහස තවදුරටත් වලංගුද?

by manthri.lk - Research Team posted over 9 years ago in විශ්ලේෂණ

 

මීට පෙර Manthri.lk විශ්ලේෂණය මගින් අනාවරණය වූ පරිදි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් 20% ක්ම පත් වී ඇත්තේ දේශපාලනයේ පවුල් අධිපතිත්වයෙනි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් තම පවුල් වල ඊ ළග පුරුක් දේශපාලනය වෙත අමුණා ගණිමින් දේශපාලන පවුල් පෙලපත්වාදය තවදුරටත් පවත්වාගෙන යමින් සිටින්නේ ද යන්න තහවුරු කරගැනීම මෙම විශ්ලේෂණයේ අරමුණ වෙයි.


වත්මන් පාර්ලිමේන්තුවේ පවුල් අනුහස වැඩිපුරම දක්වන්නේ එ.ජා.පෙ.ය :

වත්මන් පාර්ලිමේන්තුවට දේශපාලන පවුල් පදනමින් පත්ව ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යා අනුපාතිකව සන්සන්දනය කර බලන විට, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එවැනි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන එවැනි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අබිබවා සිටී.  පවුල් පදනමින් පත්ව සිටින එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් සංඛ්‍යාව : එ.ජා.පෙ. මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ගත් කළ 17 : 42 කි. (වගු අංක 1)  


                                             


දේශපාලන පවුල් අනුහස ඉදිරියට පවත්වාගෙන යාමේ වැඩි නැඹුරුතාවක් දක්වන්නේ එ.ජ.නි.ස. ය :

පළාත් සභා මැතිවරණ යනු මහ මැතිවරණ වලින් ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම සදහා  නවකයින් තබන පළමු පියවර වශයෙන් සලකා බැලුව හොත්, තම තමන්ගේ පවුල් වල ඊළග පරම්පරාවේ දූ දරුවන් ඒ සදහා යොමු කරවීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන බව පෙනෙන්නේ එ.ජ.නි.ස. ය. (වගුව 2)



                                           

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 15 කගේ දරුවන් දැරියන් මේ වන විට පාර්ලිමේන්තු, පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා වල නියෝජිතයින් බවට පත්ව සිටී. ඔවුන් අතරින් පා.ම.රත්නසිරි වික්‍රමනායක, පුත් විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, පා.ම. ඩබ්ලිව්. බී. ඒකනායක පුත් රසික ඒකනායක ම.නු.ප. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වේ. ඉහතින් සදහන් කරන ලද සෙසු මන්ත්‍රී පුතුන් 13 දෙනා පළාත් සභා මන්ත්‍රීවරුන් ය.

විරුද්ධ පක්ෂයේ පා.ම. ගාමිණී ජයවික්‍රම පෙරේරා(එ.ජා.පෙ.) ගේ පුත් අසංක පෙරේරා වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වන අතර, වත්මන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකු පළාත් සභා නියෝජිතයෙකු බවට පත්ව ඇති එකම අවස්ථාව ද එය වෙයි


දේශපාලන පවුල් අනුහස වැඩිපුර ම ලැබී ඇත්තේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී - පියවරුන්ගේ දරුවන්ට ය :  

තම දරුවන්ට දේශපාලන තනතුරු ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇති එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් 13 දෙනෙකුම ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් වේ. තම දරුවා පළාත් සභාවට යොමු කර ඇති අනෙක් එ.ජ.නි.ස. මන්ත්‍රී - පියා වන්නේ විරුද්ධ පක්ෂයෙන්(එ.ජා.පෙ.) පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව ආණ්ඩු පක්ෂය වෙත පිල්මාරු කළ අබ්දුල් කාදර් මන්ත්‍රීවරයා ය.  

මෙම අනාවරණයන් දේශපාලන සංස්කෘතියෙහි නව මාවතකට සන්නිදර්ශන සපයන්නේද? නැත්නම් ශ්‍රී.ල.නි.ප. සහ එ.ජා.ප. පක්ෂ පිළිවෙත් පිළිබද උපනති සපයන්නේ ද? ඔබේ අදහස් අප සමග බෙදාගන්න www.manthri.lk/en/blog වෙත පිවිසෙන්න. නැතහොත් 071-4639882 වෙත කෙටි පණිවුඩ එවන්න.











 


comments powered by Disqus