මැතිවරණ ක්‍රම සංශෝධනය සහ අභියෝග

by Asoka Obeyesekere posted about 9 years ago in විශ්ලේෂණ

 

මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබද කතිකාවට මාධ්‍ය තුළ වෙන්කෙරෙන ඉඩ සැලකිය යුතු මට්ටමින් වැඩි වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මාදුළුවාවේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පෙර මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය කරන ලෙස බලපෑම් කරමින් සිටින බවත්, එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය පසු කරන තුරු මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය සදහා කල් ගැනීමට උත්සහ කරමින් සිටින බවත් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මිශ්‍ර මැතිවරණ ක්‍රමය පිළිබද මහජන අවදානය පුළුල් වී ඇති අතර, මැතිවරණ ක්‍රමයේ කවර වෙනසක් සුදුසු වන්නේ ද යන්න ගැන පුළුල්ව සාකච්ඡා වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබේ. යළි කේවල කොට්ඨාශ ක්‍රමයට යොමුවිය යුතු ද? එමගින් පාර්ලිමේන්තුව තුළ හඩක් නගන සුලු පක්ෂ වල නියෝජනය තවදුරටත් සුරක්ෂිත වේද? යන කරුණු මෙකී සාකච්ඡාවට අදාළ වැදගත් කරුණු වේ.

 

මෙම ලිපිය මගින්, මිශ්‍ර මැතිවරණ ක්‍රමය පිළිබදවත්, එවැනි සාදෘශ්‍යයන් පිළිබද අන්තර්ජාතික අත්දැකීම් පිළිබදවත්, ද්විත්ව ඡන්ද ක්‍රමයේ (වැඩිදුර පැහැදිලිකිරීම් පසුවට) වැදගත්කමත් සාකච්ඡා කෙරෙනු ඇත.

 

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යනු කුමක් ද?

 

මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ මූලික ආකාර දෙකක් ඇත - මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමය සහ මිශ්‍ර මන්ත්‍රී බහුතර නියෝජන ක්‍රමය (පොදුවේ සමාන්තර ක්‍රමය යනුවෙන් හැදින්වේ.) යනු එම ආකාර දෙකය. මෙම දෙයාකාරයම සමානුපාතික ක්‍රමය පදනම් වූ ක්‍රමයකට කොට්ඨාශ මට්ටමේ නියෝජනයක් ලබා දේ. එමගින් මැතිවරණ කොට්ඨාශ වලින් තනි තනි ව ජයගැනීමට ප්‍රමාණවත් ඡන්ද නොලැබෙන, එහෙත් භෞතික සීමා නොසලකා හරින විට පුළුල් වශයෙන් මහජන ප්‍රසාදය දිනා ගත් පක්ෂ වල පාර්ලිමේන්තු නියෝජනය සුරක්ෂිත කරයි. ඒ අනුව මිශ්‍ර ක්‍රමය යනු මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනිම සදහා වන දෙයාකාරයේ ම ඵලදායීතාවය මුහුන් කරන ක්‍රමවේදයකි.

 

මේ අතර මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමය සහ මිශ්‍ර මන්ත්‍රී බහුතර නියෝජන ක්‍රමය යන ක්‍රම දෙකෙහි මූලික වෙනස්කම් කිහිපයක් තිබෙන බව ද අමතක කළ නොහැක. මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජනය ලැයිස්තු පාදක සමානුපාතික නියෝජනය මගින්  කේවල කොට්ඨාශ ක්‍රමයෙහි ‘අසමානුපාතිකත්වය‘ වැළැක්වීමට ක්‍රියාකරන අතර එමගින් ජාතික මට්ටමේ ඡන්ද පදනමක් ඇති සෑම පක්ෂයකට ම නියෝජන ආසන ප්‍රමාණයක් ලබාදිමට කටයුතු කරයි.

 

කෙසේ වෙතත් මිශ්‍ර මන්ත්‍රී බහුතර නියෝජන ක්‍රමය, කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස් ක්‍රම දෙකක් ලෙස සලකන අතර මේ දෙක එකතු කිරීමෙන් ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ලැබන බවත්, නමුත් මැතිවරණ ප්‍රතිඵලය අසමානුපාතික දෝෂය දක්වන බවත් පෙන්නුම් කරයි.

 

මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජනය ශ්‍රී ලංකාවට?

 

සමානුපාතික ආසන බෙදනයේ සාධාරන ප්‍රතිලාභය අහිමි කර නොගෙන ම කොට්ඨාශ නියෝජන ක්‍රමය නැවත සහතික කිරීමට අවැසි ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන්නේ මිශ්‍ර මන්ත්‍රී බහුතර නියෝජන ක්‍රමයට වඩා මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයයි.

 

1977 දී එ.ජා.ප.යට ඡන්ද 51% ක් පමණක් තිබියදී ආසන 83% ක් ආරක්ෂා කරදීමේ ක්‍රමවේදයක් හැටියට ද මෙම ක්‍රමය පක්ෂ වල සතුටට හේතුවක් වනු ඇත. මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, ආසන බෙදන සූත්‍ර 3 ක් ඇති අතර ඉන් ‘ඩිහොන්ඩ්ට් සූත්‍රය‘ අනුව 1977 මැතිවරණ ප්‍රතිඵලයට ආසන බෙදන්නේ නම්, එහි ආසන ප්‍රමාණය ලබාගත් ඡන්ද ප්‍රතිශතයට සමානුපාතික වන 51% වැනි අගයක් ම විය යුතු ය. මැතිවරණ ක්‍රම පිළිබද විශේෂඥයින් දෙපළක් වන ‘ෂුගර්ට් සහ වටැන්බර්ග්‘ දක්වන්නේ එවැනි ක්‍රමයකට 25% ක් වත්  (එනම් ¼ ක්) සමානුපාතික ලැයිස්තු ක්‍රමයෙන් එකතු විය යුතු බවයි.

 

ශ්‍රී ලංකාව සදහා යෝජනා වී තිබෙන විවිධ කල්පිත මැතිවරණ ක්‍රම ඔස්සේ සලකා බලන විට සමානුපාතික ක්‍රමයෙන් ඊට එකතු වන ආසන ප්‍රතිශතය 30% ඉක්මවා ඇත. මෙම ප්‍රමාණය පක්ෂ අභිමතය පරිදි තීරණය වන අතර ඔවුන් මිශ්‍ර ක්‍රම යටතේ සමානුපාතික නියෝජිත වරය උසුලයි.

 

ඡන්ද පත්‍රිකා ශෝධනය

 

මේ වන විට වැඩි ප්‍රවෘතිමය අවදානයක් ලැබෙන්නේ කොට්ඨාශ මට්ටමේ අපේක්ෂකයින් සදහා වන ඡන්ද පත්‍රිකාවේ අනුරුව කෙසේ විය යුතුද යන්න පිළිබදවයි. මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමය සාමාන්‍යෙයන් ද්විත්ව ඡන්ද ක්‍රමයක් වන අතර එහි එක් ඡන්දයක් කොට්ඨාශ අපේක්ෂකයාට ද අනෙක පක්ෂයට ද ලැබිය යුතු ය. ශ්‍රී ලංකාවේ තිබෙන වර්තමාන මැතිවරණ ක්‍රම සංශෝධන කතිකාවට අනුව, ජාතික මට්ටමේ කේවල ඡන්ද ක්‍රමයක් සහිත මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයක් යෝජනා කරන ලොව එකම රට ශ්‍රී ලංකාව විය යුතු ය. (පසුව ද්විත්ව ඡන්ද ක්‍රමයකට අනුගත වූ එකම අනෙක් රට තායිවානයයි.) මෙය අප ඡන්දදායකයින්ට කොට්ඨාශ කේවල ඡන්ද ක්‍රමයේ අද්දැකීම මත දායාද වී ඇති ‘මනෝ විහිතිය‘ක් විය හැකි අතර එය කුඩා පක්ෂ වලට දෙන ඡන්දයක් අපතේ යාමක් ලෙස සලකන ඡන්දදායක ආකල්පයක් උත්පාදනය කර ඇතුවා ද විය හැක. මෙය තත්වයන් පිළිබද වැරදි අර්ථකථනයක් සහ ප්‍රචාරණයක් දිරිගන්වයි. එමගින් උපක්‍රමික වශයෙන් කුඩා පක්ෂ වල ඡන්ද දායකයින් බියගන්වන  මහා පක්ෂ වල අපේක්ෂකයින්ට දිනීම සදහා විශාල විභවතාවක් ඇති බව ඒත්තු ගන්වයි.

 

ද්විත්ව ඡන්දයක්, අපේක්ෂකයාට සහ පක්ෂයට වෙන වෙනම ලැබෙන අතර එය උදාහරණයක් ලෙස ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයෙකුට සහ ජ.වි.පෙ. පක්ෂ ලැයිස්තුවට ලැබිය හැක. එය සැබැවින් ම ‘ද්විභින්න‘ ඡන්ද ක්‍රමයකි. එය කිසිම කොට්ඨාශයක් ජයගැනීමේ විභවතාවක් නැති කුඩා පක්ෂයකට විශාල සහයෝගයක් වනු ඇත. ද්විත්ව ඡන්ද ක්‍රමයකින් තොර කේවල ඡන්ද ක්‍රමයකින්, මහජන නියෝජනයේ සර්වපාක්ෂික වලංගු තාව අහිමි වී යා හැක.

 

මිශ්‍ර මැතිවරණ ක්‍රම පිළිබද බහුමාන සහ අන්තර්ජාතික අද්දැකීම් නොසලකාහරිමින්, දැනුවත් කතිකාවකින් ද පරිබාහිරව, රික්තමය වාතාවරණයක් තුළ හදිසියේ කරනු ලබන හදිසි මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණයක් සංකූලතා සහිත උත්පාදනයක් වීම පිළිබද අවදානමක් ඇත.

 

 




 

 


comments powered by Disqus