පාර්ලිමේන්තුවේ වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ අතර සංවාදය - ඔවුනොවුන් මුහුවන්නේද? බෙදීම් තීව්‍ර කරන්නේද?

by manthri.lk - research team posted over 9 years ago in විශ්ලේෂණ

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් අඩක්ම (21 න් 12 ක්) නාමකරණය වී ඇත්තේ වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ ලෙසයි:  එමගින් පැවසෙන්නේ, ගම්‍යමාන වන්නේ එම පක්ෂ වල මන්ත්‍රීවරුන්ට වාර්ගික කණ්ඩායම් නියෝජනයක් ඇති බවයි.  වාර්ගික පක්ෂ එකිනෙකාගේ අදහස් හුවමාරු කරගනිමින් අන්තර් - වාර්ගික අවබෝධය පුලුල් කිරීමට කොපමණ දායකත්වයක් සපයන්නේද ?

පාර්ලිමේන්තු කටයුතු විශ්ලේෂණය කරන, මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කරන පාර්ලිමේන්තු නිරීක්ෂණයේ ප්‍රමුඛ වෙබ් අඩවියක් වන, 
Manthri.lk හි නිරීක්ෂණ එළඹුම් මත වාර්ගික පක්ෂ වල මාතෘකානුකූල මුහුම් වීම් සදහා පාර්ලිමේන්තු අවකාශය භාවිතා කරන්නේ කෙසේද යන්න වටහාගැනීමෙන් එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනු ඇත.


වාර්ගික අන්‍යතාවක් සහිත පක්ෂ කුඩා ය :

වාර්ගික අනන්‍යතාවක් සහිත නියෝජනය කරන සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 35 කි. එවැනි පක්ෂ වල මන්ත්‍රීන් සංඛ්‍යාවෙහි සාමාන්‍ය මන්ත්‍රීවරුන් 3 ක් වන අතර, ඒවා දෙමල, මුස්ලිම්, සිංහල යනුවෙන් වර්ගීකරණය කළ හැක.

විශාලම සහ හඩ වැඩිම දෙමළ පක්ෂ :

විශාලම පාර්ලිමේන්තු නියෝජනයක් සහිත වන වාර්ගික පක්ෂ, දෙමළ පක්ෂ වන අතර, පක්ෂ 7 කට අයත් මන්ත්‍රීවරුන් 20 ක් එම පක්ෂ නියෝජනය කරනු ලැබේ. (සටහන 1) ; ඉලංකෛ තමිල් අරසු කච්චියෙන් මන්ත්‍රීවරුන් 12 ක් තේරී පත්ව සිටින අතර සෙසු මන්ත්‍රීවරුන් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊ පී ඩී පී), සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය (ඒ සී ටී සී), ඊලාම් ජනතා විප්ලවීය නිදහස් පෙරමුණ (ඊ පී ආර් එල් එෆ්) , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (ඩී පී එෆ්) , ජාතික කම්කරු සංගමය (එන් යූ ඩබ්) සහ ලංකා කම්කරු කොංග්‍රසය (සී ඩබ් සී) යන පක්ෂ වලින් තේරී පත්ව ඇත. මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකාරී සහභාගීත්වයේ සාමාන්‍ය  සැලකූ විට සෙසු වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ වලට සාපේක්ෂව දෙමළ වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ පෙරමුණේ සිටී.

නිහඩ මුස්ලිම් පක්ෂ  :

පක්ෂ සංඛ්‍යාව අතින් දෙවැනි තැන ගනු ලබන මුස්ලිම් වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ පාර්ලිමේන්තුව තුළ නගන හඩ බෙහෙවින්ම අඩු ය. මුස්ලිම් අනන්‍යතාවක් සහිත පක්ෂ දෙකකට අයත් වන මන්ත්‍රීවරුන් 10 ක් සිටින අතර ඔවුන් නියෝජනය කරන පක්ෂ වන්නේ, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (ඒ සී එම් සී) සහ  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (එස්.එල්.එම්.සී.)  යි.

කුඩා නමුත් වැඩි හඩක් නගන සිංහල පක්ෂ :


වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ අතර අඩුම නියෝජනයක් ඇත්තේ සිංහල අනන්‍යතාවක් සහිත පක්ෂ වලට වන අතර, නමුත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ හඩ නැගීම අතින් දෙමළ පක්ෂ සමග තරගකාරීව කරට කර සිටී. ජාතික හෙළ උරුමය(ජේ එච් යූ) , ජාතික නිදහස් පෙරමුණ (එන් එෆ් එෆ්) නියෝජනය කරන මන්ත්‍රීවරු 5 ක් ඊට අදාල වේ.      

ඔවුන් මුහු කරන්නේද? බෙදීම් තීව්‍ර කරන්නේද?

මුහු වීම් හා බෙදීම් සදහා වන ප්‍රයත්නයන්, වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ විසින් සංවාදයට බදුන් කරන මාතෘකා සටහන 2 අනුව අධ්‍යාපන, මුල්‍ය, ආර්ථික සංවර්ධන යන ක්ෂේත්‍ර හරහා වටහා ගතයුතුය.  

(සටහන 2)





   මුස්ලිම් සහ දෙමළ පක්ෂ අතර මුහුවීම් අධිකය :  

මුස්ලිම් සහ දෙමළ පක්ෂ වැඩිපුරම ‘පශ්චාත් යුද අවස්ථාවේ ගහනයේ මානුෂීය සහ පරිපාලන ගැටලු පිළිබද‘ වැඩි අවධානයක් දක්වන බව පෙනෙන අතර, නැවත පදිංචි කිරීම්, පොදු පරිපාලන, ධීවර, පලාත් පාලන සහ පලාත් සභා යන විෂයන් පිළිබද සංවාද කිරීමට වැඩි නැඹුරුතාවක් දක්වන බව පෙනෙන්නට ඇත.    

දෙමළ සිංහල මුහුවීමක් දකින්නට නැත:
 

සිංහල වාර්ගික පක්ෂ සංහිදියාව සහ ජාතික ඒකාබද්ධතාව යන විෂයන්ට අදාලව සංකල්ප මට්ටමේ සංවාද වලට එක්වුවත්, ඊට අදාල බිම් මට්ටමේ මානව හිම්කම් සම්බන්ධ ගැටලු, ඉඩම් බෙදාදීම් ආශ්‍රිත ගැටලු පිළිබද මුස්ලිම් පක්ෂ වල ද වැඩි උනන්දුවක් දක්නට නොමැති අතර ඒවා ප්‍රධාන වශයෙන්ම දෙමළ පක්ෂ පමණක් කතා කරන මාතෘකා බවට පත් ව ඇත.
 

එමෙන්ම දෙමළ පක්ෂ,  විද්‍යා හා තාක්ෂණ, බල ශක්ති, වෙළද හා කර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාල ජාතික ප්‍රතිපත්තිමය කාරණාවන් පිළිබද ප්‍රමාණවත් අවධානයක් දක්වා නැති බව ද දක්නට ලැබේ.




 පාර්ලිමේන්තුව තුළ වාර්ගික අනන්‍යතාවක් සහිත පක්ෂ නියෝජනයක් තිබීම යහපත් ද? පාර්ලිමේන්තු සංවාදයන්හි ගුණාත්මක බව හා එකිනෙකා මුහුම්විමට අවකාශ සලසාගැනීම සම්බන්ධයෙන් කුමක් විය යුතුද?

 
  ඔබේ ප්‍රතිචාර කෙටි පණිවිඩ මගින් 071-463-9882 අංකයට දන්වන්න නැතිනම් facebook.com/Manthrilk.  වෙත යොමු කරන්න          

 


comments powered by Disqus