පිල් මාරු කල මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වැඩකටයුතු සමාලෝචනය

by Manthri.lk - Research Team posted almost 10 years ago in විශ්ලේෂණ

 

පිල් මාරු කළ මන්ත්‍රීවරුන් තවදුරටත් ඡන්දදායකයින්ගේ අභිප්‍රායන් ඉෂ්ඨකරන්නේද යන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්දයෙන් බරපතල තත්වයකි. පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණයේ ප්‍රමුඛයා වන Manthri.lk දත්ත අනුව, පිල් මාරු කළ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගිත්වයේ වැඩි වීමක් දක්නට තිබේද...? යන්න ප්‍රාමාණිකව මෙහිදී සලකා බැලේ.  

පිල්මාරුකිරීම් ප්‍රාමාණිකව:
 

2010 මහ මැතිවරණයෙන් පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ, ආණ්ඩු පක්ෂයේ බලය 64% (ආසන 144) සිට  72.4% (ආසන 163) දක්වා ඉහළ යාමට මැතිවරණයෙන් පත්වූ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පිල්මාරු කිරීම හේතුවක් විය.  

එනම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් 20 ක් පමණ පිල් මාරු කර ඇති අතර ඉන් අර්ධයක් (8 ක්) එක්සත් ජාතික පෙරමුණෙන් (එ.ජා.පෙ.) පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රී.ලං.මු.කො.) නියෝජනය කරන මන්ත්‍රීවරුන් වේ. ඉතිරි අර්ධය (මන්ත්‍රීවරුන් 11  )එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.)  නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර පිල් මාරු කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (ශ්‍රී.ලං.මු.කො.) නූර්දීන් මසූර් මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත විය.



පිල්මාරු කළ මන්ත්‍රීවරුන්ගේ ඵලදායිතාවයේ පහළ සාමාන්‍ය :   කෙසේ වෙතත්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 8.4% ක් පිල්මාරු කළ මන්ත්‍රීවරුන් වන අතර ඔවුන්ගෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සදහා ඵලදායී ලෙස සහභාගී වන්නේ මන්ත්‍රීවරුන් 2.7% ක් පමණි. Manthri.lk - මාස 23 ක් සදහා වන දත්ත අනුව (2012 මැයි – 2014 මාර්තු) නූර්දීන් මසූර් මන්ත්‍රීවරයා හැර පිල් මාරු කළ සෙසු මන්ත්‍රීවරුන් පිළිබද සලකා බලන විට පාර්ලිමේන්තු ඉදිරිපත්කිරීමේ සාමාන්‍ය පිල් මාරු නොකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  පාර්ලිමේන්තු ඉදිරිපත්කිරීමේ සාමාන්‍යයෙන් තුනෙන් එකක් පමණක් වන බව පෙනේ. (ඉදිරිපත් කිරීම 2


පිල් මාරු කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පමණක් පිල් මාරු නොකළ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු සාමන්‍ය ඉක්මවා ඇත. එම මන්ත්‍රීවරුන් වන්නේ, අධිකරණ කටයුතු අමාත්‍ය රාවුෆ් හකීම් සහ පා.ම. ශ්‍රී රංගා ජෙයරත්නම් ය. පා.ම. ශ්‍රී රංගා ජෙයරත්නම් මැතිවරණයට පසුව පිල් මාරු කර ආණ්ඩු පක්ෂයට එකතු වී සිට ඇති අතර පසුව ‘නිදහස් මන්ත්‍රීවරයෙකු‘ ලෙස අසුන්ගනු ලැබීය. (ඉදිරිපත්කිරීම 3)  
    



පිල්මාරු කරන මන්ත්‍රීවරුන් ජනතාවට වැඩි සේවයක් ඉටුකිරීමට එසේ කරන බව පැවසුවද, ඔවුන් පාර්ලිමේන්තු කටයුතු සදහා ලබාගන්නා කාලය අඩු වී ඇති බවක් පෙනෙන්නට ඇත. පිල්මාරු කරන මන්ත්‍රීවරුන් ඡන්ද දායකයින්ගේ විශ්වාසය කඩ කර තිබේද? එසේත් නැත්නම් පිල්මාරු කිරීමට ඔවුන්ට සාධාරන හේතුවක් තිබී ඇත්ද? ඔබේ අදහස් at www.manthri.lk වෙබ් අඩවිය සහ සබැදි බ්ලොග් අඩවිය සමගත් ජංගම දුරකථන 071 4639882 සමගත් බෙදාහදා ගන්න.  


 


comments powered by Disqus