පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය - ප්‍රධාන කරුණු 5

by Manthri.lk - Research Team posted about 9 years ago in විශ්ලේෂණ

 

ජනාධිපති සිරිසේන මහතාගේ  දින 100 රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කාලසටහනට අනුව, 2015 ජනවාරි 20 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනයක් යෝජනා කර ඇත.
 
එම යෝජිත සංශෝධනයේ ප්‍රධාන කරුණු 5 මෙසේය.
 
1. ස්ථාවර නියෝග පාර්ලිමේන්තු ක්‍රියාවලියේ මූලිකාංගය වේ. එහි විධිවිධාන පාර්ලිමේන්තු විවාදය අතරතුර "දුම් පානය නොකළ යුතු ය" වැනි විධිවිධානයක සිට  ‘අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම‘වැනි විධිවිධානයක් දක්වා පුළුල් වූ පරාසයකට විහිදී පවතී.
 
2. පාර්ලිමේන්තු උපදේශක කාරක සභා වල මූලික වගකීම වන්නේ ඒවාට අදාළ අමාත්‍යංශ හා සම්බන්ධ නීති ප්‍රතිපාදන ක්‍රියාවලි අධීක්ෂණය කිරීම යි. එමෙන් ම මෙම ක්‍රියාවලිය ඔස්සේ නීති සම්පාදන සදහා ප්‍රතිචාර දැක්වීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම කරනු ලබයි. කෙසේ වෙතත් එහිදී පාර්ලිමේන්තු උපදේශක කාරක සභා වල අවධානය යොමු වන්නේ, ප්‍රතිපත්තිමය මට්ටමින් සාකච්ඡාවට ගත යුතු කරණු පමණක් වන අතර පටු සහ ක්ෂුද්‍ර කාරණා නොසලකාහරිනු ලැබේ. වත්මන් සංශෝධන මගින් පාර්ලිමේන්තු උපදේශක කාරක සභා වල උපදේශනය හා මූල්ය අධීක්ෂණය  වඩාත් පුළුල්ව ප්‍රතිනාභිගත කිරීමට අනුබල දී ඇති අතර ව්‍යවස්ථාදායක  කටයුතු වලට සහභාගීවීමේ ධාරිතාව හා කාර්යක්ෂමතාව වැඩි කිරීමට යෝජනා කර ඇත.

 
3. අමාත්‍යවරුන්ගේ වගවීම පරීක්ෂා කිරීමට හැකියාවක් ලබා දෙන පාර්ලිමේන්තුවේ ලිඛිත ප්‍රශ්න ක්‍රමවේදය සකස් වී ඇත්තේ ප්‍රධාන ප්‍රශ්නයක් සහ අතුරු ප්‍රශ්න තුනක් ඇසීමට ප්‍රස්ථාව ලැබෙන පරිදි ය. Manthri.lk විශ්ලේෂණ පත්‍රිකාවක් මගින් ද පෙන්වා දී ඇති පරිදා එම ක්‍රමවේදයේ ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ මන්ත්‍රීවරුන් අතලොස්සක් දෙනා ප්‍රශ්න පිට ප්‍රශ්න යොමු කරමින්, ප්‍රශ්න ඇසීමට දී තිබෙන ඉඩ සම්පූර්ණයෙන්ම අහුරා තිබීම ය.  වත්මන් සංශෝධන වලට අනුව ප්‍රශ්න වලට කාලානුරූප පදනම මත පිළිතුරු ලබාගැනීම සඳහා ඉඩකඩ සලසයි. එහෙත් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මාසයක් තරම් කල්ගන්නා විට ‘කාලානුරූපීව‘ ඉක්මන් පිළිතුරු ලබාගැනීමේ වුවමනාව යටපත් කරනු ඇත.

 

4. පාර්ලිමේන්තු වඩාත්ම ඵලදායි උපදේශක කාරක සභාව ‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) වේ. කෙසේ වෙතත් පොදු පැමිණිලි පරීක්ෂා කර බලන කෝප් කමිටුව  ඉතාම ක්‍රමානුකූල නිර්දේශ සපයන නමුත් ආණ්ඩුව බොහෝ විට ඊට ප්‍රතිචාර නොදක්වා සිටීම දැකගත හැක. වත්මන් සංශෝධනය අනුව කෝප් කමිටුව සිය වාර්ෂික වාර්තාව එළිදක්වා, මාසයක් ඇතුළත, මුදල් අමාත්‍යවරයා මගින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ  එසේ නොකිරීමට හේතු සවිස්තරව දැක්වීම නිර්දේශ කරනු ඇත. 

 
5. උසස් නිලතල පිළිබඳ කාරක සභාව තනතුරු වල කටයුතු කරන්නන්ගේ සුදුසුකම් පරීක්ෂා කර කමිටු නිර්දේශ  , කාර්තුමය වශයෙන් වාර්තා කිරීමට බැඳී ඇත. මෙය  ඕනෑම ආකාරයකට ඉදිරියේදී කැබිනට්  අනුමැතිය සහිතව, කරන පත්වීම් (උදා- තානාපති වැනි දේශපාලන පත්වීමක් වුවත්) ලබන අයගේ සුදුසුකම් ගැන පරීක්ෂා කිරීම සඳහා විවෘත වේ.  එමෙන් ම කවර හෝ තනතුරකට පත්වන නුසුදුසු පුද්ගලයිනගේ පත්වීම් නුසුදුසු බවට වාර්තා කිරීමට කමිටුවට බලතල ලැබේ.
 
පාර්ලිමේන්තු උපදේශක කාරක සභා වල වාර්තා ප්‍රසිද්ධ කරවාගැනීමට පසුගිය කාලයේ Manthri.lk  මගින් කරන ලද පෙළඹවීම් (ගරු පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන්) ඵල දරා ඇති අතර දැන් එම වාර්තා ප්‍රසිද්ධ කර ප්‍රකාශයට පත්කිරීමට පාර්ලිමේන්තු ප්‍රතිපාදන සකස් කර ඇත. කාලානුරූපව පාර්ලිමේන්තු වාර්තා වලින් එහි පාරදෘෂ්‍යභාවය වැඩිකිරීම වැදගත් වන අතර පාර්ලිමේන්තු නිරීක්ෂකයින්ගේ කාලෝචිත යෝජනා අනුව සකස් කෙරුණු මෙම නව සංශෝධන ද ව්‍යවස්ථාදායක කටයුතු වඩා ඵලදායී කරගැනීමට ඉවහල් වනු ඇත.

 
* ඉහත සඳහන් වන ස්ථාවර නියෝග සංශෝධනයන්ට අදාල යෝජනා එම සංශෝධනයේ ක ප්‍රධාන සැලසුම් ශිල්පී රාජ්ය අමාත්‍ය පා.ම. මහාචාර්ය රජීව විජේසිංහ විසින් සකස් කර ඇත.

 

 


comments powered by Disqus